වල ගෙදර විදුබිමේ අතීතාවර්ජනයට මුල පුරන කා හට වුවද ඈත අතීතයේ තිබූ කැලෑ ගෙදර අමතක කළ නොහැකිය. කැලෑ ගෙදර තිබූ ප්‍රදේශයට පසු කලක වලගෙදර නම් වූ බව ජනප්‍රවාදයේ වේ. " පහත බිම " යන අදහසින් " වලගෙදර " යැයි තව ජනප්‍රවාදයකි. සති ගණනක් රඳා පවතින ගංවතුර නිසා එම අදහස ඇති වූ බව සිතිය හැකි නමුදු වලගෙදර යන්නට දන්තජ "ල " කියන්න එදා සිට ව්‍යවහාර වන බැවින් ඉහත මුල්ම අදහස වඩාත් තර්කානුකූල වේ.
ගම්පති වසම් දෙකකින් පෝෂණය වූ වලගෙදර ග්‍රාමයට එවකට පැවතියේ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද පරම විඥානාර්ථ බෞද්ධ සංගමයෙන් පාලනය වූ වලගෙදර මිශ්‍ර පාඨශාලාව පමණි. වැඩිවන ජනගහනයත් සමඟ වර්ධනය වූ ශිෂ්‍ය ප්‍රජාවට දානපති ෆෙඩ්රික් සිරිවර්ධන මැතිතුමා තම ග්‍රාමයේ පාසලට ස්වකීය ධන පරිත්‍යාගයෙන් කාමර පහකින් යුත් කුඩා ගුරු නිවසක් සහිත 50 * 20 ස්ථිර ගොඩනැගිල්ලක් ඉදි කරවා 1934 මැයි මස 11 වැනි දින ගල්මත්ත වේල්ස් කුමර පිරිමි පාසල පිහිටු විය.
එදා මෙදා තුර දීර්ඝ ඉතිහාසයට උරුමකම් කියන වර්තමාන වල ගෙදර මහා විද්‍යාලය මෙතෙක් ආ ගමනේ පාසලේ විදුහල්පති ධූරය දැරූ සියලු දෙනා සිහිපත් කළ යුතුය
1934 - 1936 ධුරන්ධර ඩික්සන් .ඊ. පීරිස්
1936 - 1938 එම්.ඩී.එම් ගුණතිලක
1939 - 1963 අයිසෙක් ඒකනායක මැතිතුමා
1963 - 1972 රොබින් පැස්කුවල් මහතා
1973 - 1977 ඩබ්ලිව්. බී .ඊ ගුණතිලක මහතා
1977 - 1978 එම්.ඩී ජුලියස් මහතා
1978 - 1986 එම්.ඒ චන්ද්‍රසේන මහතා
1986 - 1993 එච් .ඩී. ඩී සිරිවර්ධන මහතා
1993 - 2003 කේ.කේ.ඩී.ජී රත්නවීර
2003 - 2006 දයානන්ද කේ විතාන මහතා
2006 - 2012 ජේ.එස් චන්ද්‍රසේන මහතා
2012 - 2021 විමල් වික්‍රමතන්ත්‍රි මහතා
ආදී ලෙස පාසල වෙනුවෙන් මහඟු සේවයක් කළ විදුහල්පතිවරු ලෙස දැක්විය හැකිය.
වර්තමානයේ එනම් 2021 වර්ෂයේ සිට මෙහි විදුහල්පති ධුරය හොබවන්නේ "යු.එල්.සුයාම ජානක මැතිතුමන්ය."
දිගු ඉතිහාසයකට හිමිකම් කියන වල ගෙදර මහා විද්‍යාලයේ වර්තමාන තත්ත්වය සියලුම අංශ තුළින් සාධනීය මට්ටමක් දක්වා දියුණුවට පත්ව ඇත.